මිනිසුන් සොයා එන බෝධිලිමා.......😱( කෙටි කතාව )
" අනේ මගෙ රත්තරං කොල්ලා ඇවිල්ලා මාව බලන්න" මේකගෙ උස කෝ මේ මුස්සය ඒයි ඒයි මේ බලන්න කවුද ඇවිල්ල ඉන්නෙ කියල "....ඒ මගේ අත්තම්මාය . මාගෙ උපන් ගම මතුගමය මා කුඩාකල හැදී වැඩුනේ අත්තම්මාගෙ නිවසේය පියාගෙ රැකියාව වෙනත් ප්‍රදේශයකට මාරු වීමත් සමග අපට ගමෙන් යෑමට සිදුවිය....අත්තම්මා ,සීයා බැලීමට අප සෑම මසකට වරක් පැමිනියත් අද මාගෙ පැමිනීම වෙනදට වඩා විශේශය එයට හේතුව මා තනියම අත්ත අම්මා බැලීමට ආ පලවෙනි දවස අද වීමයි..." පුතේ...කාමරේ අස් කරල තීන්නෙ ඇදුම් බෑග් එක තියල වතුර ඩිංගිත්තක් නාලම බත් ටිකක් කමු අනේ මගෙ කොල්ල කෙට්ටු වෙලා ගිහින්....ඇය ඉතාම ආදරනීය චරිතයකි වයසට වඩා මුහුකුරාගිය සිරුරක් ඇයට විය... " කෝ අත්ත අම්මෙ සීය... ' උන්ද ඔය හිටියෙ මයෙ පුතේ වත්තපහලට වත් යන්න ඇති... සීයා ටිකක් සැර පරුෂ පුද්ගලයෙකි ගමේ කවුරුත් ඔහුට ගරුත්වයක් දක්වයි වැඩි කතාබහක් නැති නිහඩ චරිතයකි ... කාලෙකින් ගමේ පරිසරය විදින්න ලැබීම හිතට පුදුම සැහල්ලුවක් ගෙනදුනි තුවායත් රැගෙන දිය පීල්ල අසලට ගොස් මුන ටිකක් සෝදගෙන නැවත නිවසට එනවිට දිලිසෙන යමක් නෙත ගැට...









