ෆිජී කතුන්ට හිමි මරණයෙ දෑවද්ද......
ආදිවාසී ෆීජියානු වැන්දඹුවකට අත්වන ඉරණම
ෆීජි දුපත්වල වාසය කළ ආදිවාසී කාන්තාවකට ගෙනෙනු ලබන විවාහ යෝජනාව එම කාන්තාවගේ ජීවිතය විශාල අවදානමකට හෙලන්නක් විය.
විවාහයෙන් පසුව ඇගේ ස්වාමිපුරුෂයා මියගියහොත්, ජීවත්වන වැන්දඹුව ගෙල සිරකර මරා දමනු ඇත. මෙම චාරිත්‍රය සිදු කරනු ලැබුවේ මරණින් මතු ජීවිතය වෙත පිවිසීම සඳහා සියළුම කාන්තාවන් තම ස්වාමිපුරුෂයා විසින් කැටුව යායුතු යැයි ආදිවාසී ෆිජියානුවන් විශ්වාස කළ බැවිනි.
ස්වාමිපුරුෂයාගේ අවමංගල්‍ය උත්සව දිනයේදී ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාගේම ඥාතීහු මියගිය ස්වාමිපුරුෂයා ජීවත්වූ පැල්පතට එක්රැස් වෙති.
වැන්දඹුව බිම දණ ගස්වන අතර සහෝදරයෙකු ඔහුගේ ඉණ ලණුව ඇගේ ගෙල වටා බඳිනු ලබයි. වැන්දඹුව ඇගේ පෙනහළු තුල ඇති සියළුම ආශ්වාස වාතය පිටකල යුතු අතර එවිට ඇගේ සහෝදරයා ඇයගේ ගෙල වටා ඇති ඉණ ලණුව තදින් සිරකර ඇය මරාදමනු ලබයි.
මෙම චාරිත්‍රය අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්වූයේ විවාහක පුද්ගලයින්ට පමණක් මරණින් මතු ජීවිතයට පිවිසීමට හැකියාව ලැබෙන බවට ඔවුන් විශ්වාස කල බැවිනි.
තවද, යම්කිසි භූත ආත්මයක් මියගිය මිනිසාට සුබ පැතීමෙන් අනතුරුව ඔහුගේ විවාහය පිළිබඳ සාක්‍ෂියක් ඉල්ලා සිටියි. මියගිය මිනිසාගේ අභිනවයෙන් ගෙල සිරකර මරාදමනු ලැබූ බිරිඳ ඔහු පසෙක සිටින බැවින් යුවළට මරණින් මතු ජීවිතයට පිවිසීමට එම භූත ආත්මය අවසර දෙනු ඇත.
මෙම චාරිත්‍රයෙන් පිරිමින්ට ලැබෙන වරප්‍රසාදයක් නම්, බිරිඳ පළමුව මිය ගියහොත් ස්වාමිපුරුෂයා මරණයට පත් නොකිරීමයි. ඔහු තම රැවුල කපා දැමීම පමණක් සෑහේ.
මියගිය බිරිඳ තම වැන්දඹු ස්වාමිපුරුෂයා විසින් කපා දැමූ රැවුල එම භූත ආත්මය වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් සාක්ෂියක් ලෙස සලකනු ලබන අතර, ස්ත්‍රිය තම ස්වාමිපුරුෂයාගේ රැවුල අතින් දරා තනිවම මරණින් මතු ජීවිතයට පිවිසෙනු ඇත..


💟
ReplyDeleteEla
ReplyDeleteවට්නවා!
ReplyDeleteThawama me karame thiyanawada bn.
ReplyDeleteතවම ගෝත්‍රික ෆිජී වරුන් ගාව මේ ක්‍රමේ තීනව ඒත් බහුතරයක් දැන් වර්තමානෙට හැඩගැහිල නිසා මේ වගේ චාරිත්‍ර වලින් ඈත් වෙලා
Delete