මිනිසුන් සොයා එන බෝධිලිමා.......😱( කෙටි කතාව )
" අනේ මගෙ රත්තරං කොල්ලා ඇවිල්ලා මාව බලන්න" මේකගෙ උස කෝ මේ මුස්සය ඒයි ඒයි මේ බලන්න කවුද ඇවිල්ල ඉන්නෙ කියල "....ඒ මගේ අත්තම්මාය . මාගෙ උපන් ගම මතුගමය මා කුඩාකල හැදී වැඩුනේ අත්තම්මාගෙ නිවසේය පියාගෙ රැකියාව වෙනත් ප්‍රදේශයකට මාරු වීමත් සමග අපට ගමෙන් යෑමට සිදුවිය....අත්තම්මා ,සීයා බැලීමට අප සෑම මසකට වරක් පැමිනියත් අද මාගෙ පැමිනීම වෙනදට වඩා විශේශය එයට හේතුව මා තනියම අත්ත අම්මා බැලීමට ආ පලවෙනි දවස අද වීමයි..." පුතේ...කාමරේ අස් කරල තීන්නෙ ඇදුම් බෑග් එක තියල වතුර ඩිංගිත්තක් නාලම බත් ටිකක් කමු අනේ මගෙ කොල්ල කෙට්ටු වෙලා ගිහින්....ඇය ඉතාම ආදරනීය චරිතයකි වයසට වඩා මුහුකුරාගිය සිරුරක් ඇයට විය...
" කෝ අත්ත අම්මෙ සීය...
' උන්ද ඔය හිටියෙ මයෙ පුතේ වත්තපහලට වත් යන්න ඇති...
සීයා ටිකක් සැර පරුෂ පුද්ගලයෙකි ගමේ කවුරුත් ඔහුට ගරුත්වයක් දක්වයි වැඩි කතාබහක් නැති නිහඩ චරිතයකි ...
කාලෙකින් ගමේ පරිසරය විදින්න ලැබීම හිතට පුදුම සැහල්ලුවක් ගෙනදුනි තුවායත් රැගෙන දිය පීල්ල අසලට ගොස් මුන ටිකක් සෝදගෙන නැවත නිවසට එනවිට දිලිසෙන යමක් නෙත ගැටුනි....එය පතොරම් කොපුවකි ඒ අවට වූයේ කිසියම් කූඩා සතෙකුගේ විසිරීගිය මස් වැදලිය ඊට මදක් ඈතින් කුඩා සත්ව හිසක් විය එය කටුස්සෙකුගේ හිසක් යැයි අනුමාන කල හැකිය..... ඒත් කවුද කටුස්සෙක්ට වෙඩි තියන්නෙ යටි හිතින් සිනා සෙමින් පතොරොම් කොපුවත් රැගෙන මා නිවසට පැමිනියේය අත්තම්මා මා පැමිනි විගසම දෑතින් ඔසවාගත නොහැකි තරමේ බත් පිගානක් අත තැබුවේය " කන්න ඕනි බඩ පිරෙන්න..අම්ම කන්න දීල නෑ වගෙ අහුවෙයිනෙ උන්ද මට මගෙ කොල්ලට කන්න දීල නෑ හරියට..කියමින් වතුර බාජනයක්ද රැගෙන පිලිකන්න පැත්තට ගියේය..
" අත්තඅම්මෙ කවුද මෙහේ වෙඩි තියල කටුස්සො මරන්නේ මා ඇගෙන් සිනා සෙමින් ඇසුවේ හිතේ ඇතිවුන කුතුහලයද නිවාගැනීමෙ අදිටනිනි...ඒත් සමගම ඇගේ මුහුනෙ එතෙක් පැවති සිනහව අතුරුදන් විය හදිසියේ කලබල වූ ඇය " පුතේ බලන්නකො මේ මනුස්සය කොහෙ ගිහින්ද මන්දා මං සීයව බලල එන්නම් මයෙ පුතා කෑම ටික කන්නකෝ වැඩිය එලියට පහලියට යන්න එපා හොදද ..ඇය මෙතරම් කලබල වූයේ මන්දැයි සිතාගැනීමට මට නොහැකිවිය ...ටික වෙලාවක් ගතවිය ගමන් මහන්සිය නිසා ඇදට ගොස් ටික වෙලාවක් සිටීමට සිත්විය ...මද වේලාවකින් සීයා සහ අත්තම්මා නිවසට පැමින ඇති බව මට අවබෝධ විය .." පුතේ පුතේ...
ඒ සීයාගෙ කටහඩ විය " කාමරේ සීයේ...
ආ පුතා නිදිද සීයා කාමරේට ඇතුලු වෙමින් ඇසුවේය.." ටිකක් මහන්සී සීයෙ ඇලවුනා පොඩ්ඩක් කෝ අත්තම්ම '?
" අන්න රෑට කෑම හදන්න ලෑස්ති වෙනව පුතා ටිකක් නිදාගන්නකො එහනම්
" හරි සීයේ....
කෙමෙන් කෙමෙන් රෑ බෝවෙමින් තිබුනි ඈත වෙල් යායෙත් ඊට මත්තෙන් ඇති කැලෑ පොදෙත් ඇත්තේ දැඩි අදුරකි අත්තම්මා සහ සීයගේ හඩත් විටින් විට ඇසුනෙමි පරිසරයේඇති නිශ්ශබ්ද තාවය හිතට එක්කලේ බිය මුසු බවකි ....එකවරම ඈතින් යම් ශබ්දයක් ඇසුනි එය කෙදිරිල්ලක් බදුය ටික වෙලාවකින් එයත් නෑසි ගියේය ආයෙ පරිසරය නිශ්ශබ්ද විය වැඩිවෙලාව නිහඩ තාවයට ඉඩ නොවීය පෙර ඈතින් ඇසුනු කෙදිරිල්ල මහා විලාපයක් ලෙස ලගින්ම ඇසුනි......එය බියකුරුය ඇදෙන් නැගිට ගත් මා අත්තම්මා සිටි දෙසට පිය නැගුවේය" අත්තම්මේ අත්ත අම්මේ ....මොකද්ද ඒ සද්දේ...
" අනේ පුතේ එලියට බහින්න එපා ඔහම ඉන්න ....සීය බුලත් කොලේකට තෙල් ගා මතුරනෝ පෙනුනි මට කිසිත් හිතාගැනීමට නොහැකිවිය....ඒ විලාප හඩ එන්න එන්නම වැඩිවිය අත්තම්මා සියා මැතුරූ බුලත් කොලේද රැගෙන එලියට බැස්සෙමි "
" අත්තම්මේ මාත් එන්නම් ' පුතා ඉන්න අත්තමට මුකුත් වෙන්නෑ සීයා මගේ ගමන වලක්වාලිය
එලියට ගිය අත්තම්මාගෙන් ඇසුනෙ සැර පරුශවදන් මාලාවකි
" තෝ අදත් ආවද මගෙ මිනිහව අල්ල ගන්න ආ .....එව්වා හරියන්නෑ පුතෝ ආපු අතක් බලාගෙන තී පල ඉදා මෙ කොලේ අරන් බඩ තවාගනින් ආයෙ මේ පැත්තෙවත් එන්න හිතන්න එපා...." පුදුමයකි කෙමෙන් එම බියකරු හඩ නෑසිනි අත්තම්මා ගෙට විත් දොර වසා දැමුවෙමි....
" මොකාද අත්තම්මේ ඒ
" ඕකට තමයි පුතේ සීය ඊයෙ වෙඩි තිබ්බේ
ඔය ආවෙ අවතාරයක් ඕකට තමයි බෝදිලම් අවතාරය කියන්නෙ පිරිමි මිනිස්සු පේන්න බෑ ඕකට හැබැයි ගෑනුන්ට බයයි...පිරිමි මනුස්සයෙක් අහු උනොත් උන්දගෙ අවසානෙ තමයි...
"අනේ අත්තම්මෙ ඉන්නත් බය හිතෙනව දැන්නම්
" පුතා බය වෙන්න එපා ආයෙ ඕක එන්නෑ ඊයෙ සීය හදිස්සි වෙලා වෙඩි තිබ්බ කේන්තියට ඔය ආවෙ
ඔය යක්ශ ආත්මෙ බිහිවෙන්නෙ බඩදරු අම්මල ප්‍රසූත වේදනාවෙන් මියඇදුනම ඉස්සර එක අම්ම කෙනෙක් ප්‍රසූත වේදනාවෙන් ඉන්නකොට ඒ ගෑනු කෙනාගෙ මනුස්සය මුකුත් නොකර බලන් ඉදල ඒ කේන්තියෙන්ම ඒ ගෑනු කෙනා මැරිල එදා ඉදන් මිනිස්සුන්ගෙන් පලි ගන්නව යක්ශ ආතමයක් වෙල..
" එතකොට අත්තඅම්මෙ බුලත් කොලයක් තිබ්බෙ ඇයි ...
" ඔය යක්ශයා ඉන්නෙ පුතේ වේදනාවෙන් බුලත් කොලයකට මතුරලා දුන්නම ඌ ඒකෙන් උගෙ බඩ තවාගන්නව ඊට පස්සෙ ආයෙ ඒ පැත්තට එන්නෙ නෑ...අද කාලෙත් දරුවෙක් හම්බෙන්න යද්දි නැතිවුන ගෑනු කෙනෙක් වලදානකොට බුලත් කොලයට මතුරලා මිනී පෙට්ටිය ඇතුලට දානව එහම කරාම බෝදිලිමෙකක් වගේ යක්ශ ආත්මයක් ලබන්නෑ කියල මිනිස්සු විස්වාස කරනව....
" පුදම දේවල් නේද අත්තම්මෙ..
ඕව අදකාලෙ මිනිස්සු විස්වාස කරන්නෑ පුතේ ඒත් ඕවයෙ ඇත්තක් නැත්තෙමත් නෑ
" මට ඒකව බලාගන්න බැරි උනානෙ අත්තම්මේ
" මයෙ පුතා නොදැක්ක එකමයි හොද ....
හෙටම ගෙදර දුවයි දැක්කනම් ....
G,g c,sithum weerathunga
Hs 2016/1244


Supiri lassanat liyl thiynw 😍😍
ReplyDeleteSupiriyata thiyanawa machan.interesting 💙
ReplyDeleteLassanai mchoo
ReplyDeleteEla bn👍
ReplyDeleteEla
ReplyDelete