සුන්දර හෝර්ටන් තැන්න


මහ එලිය තැන්න නැත්නම් හෝර්ටන් තැන්න ඇත්තටම ලංකාවෙ ඇතුලෙ තීන වෙනම ලෝකයක් වගෙ හරිම සුන්දර ස්ථානයක් ඒ සුන්දරත්වය විදින්න ටිකක් දුශ්කරයි ඒකට හේතුව තමයි සැලකිය යුතු දුර ප්‍රමානයක් ඇවිද යාමට සිදුවීම ....මෙච්චර දුරක් පයින් ආවෙ මේක බලන්නද කියන අයත් නැතුවම නෙමෙයි  ඒක ඉතින් එක එක්කෙනා බලන කෝණය..ඔබ කොළබ ඉදන් හෝර්ටන් තැන්න නැරබීමට යනව නම් යන්න තීන සුන්දරම විදිහ තමයි කොළබ  ඉදන් බදුල්ල බලා දාවනය වෙන දුම්රිය ලංකාවෙ විදින්න පුළුවන් ලස්සනම දුම්රිය ගමන කිව්වොත් වැරදි නෑ ඒක විදින්න ඉතින් ගිහින්ම බලන්න ඕනි.....
දුම්රියේ  යනවනම් ස්ථාන  කීපයකින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න පුළුවන් නානු ඔය,පට්ටිපොල ,ඒ අතරින් ප්‍රදානයි හෝර්ටන් තැන්න තීන සුවිශේශි ස්ථාන ටික නරඹන්න අඩුම පැය 4ක කාලයක්වත් ගතවෙනව හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය 1962.12.15 ස්වාභාවික රක්ශිතයක් ලෙසත් 1988.3.16 වනෝද්‍යානයක් ලෙසත් 2010,8.2   යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස පිලිගෙන තීනව .හෝර්ටන් තැන්න නරඹන්න යන ඔයාට කියන්න ප්‍රදාන කාරනා කීපයක් මතක් කරන්නම්
1.කිසිම ප්ලාස්ටික් .පොලිතින් නොදිරන කිසිම දෙයක් තැන තැන දාන්න එපා හෝර්ටන් තැන්න කියන්නෙ සංවේදි පරිසර කලාපයක් ඒ නිසා හැකිතාක් පොලිතින් බාවිතය අවම කරන්න.
2.වතුර අවශ්‍ය ප්‍රමානයක් අරන් යන්න ඇතුලෙ වතුර බොන්න තැන් තීනව ඒත් හදිස්සියකට වතුර ටිකක් බොන්න තැනක් නෑ
3 පෝන් වලට සිග්නල් නම් ඇත්තෙම නැති තරම් ඒක නිසා පිරිසක් එක්ක යනව  ගිහින් එනකොට මගඇරුනොත් එකතු වෙන්න තැනක් දාගෙන යන්න 
හෝර්ටන් තැන්න බලන්න යන්න හොදම වෙලාව තමයි උදේ 10,12 අතර වෙලාව පට්ටි පොලට ඇවිත් හෝර්ටන් තැන්නට එනවනම් හයර් එකට වාහන තීනව ත්‍රීවීල් එකක එනවනම් අනිවාරෙන් දෙන්නෙක් එන්න ඕනි  නැත්නම් එන ඩ්‍රයිවර්ටත් ටිකට් ගන්න වෙනව පාර්කින් එකේ ගානත් ගෙවන්නෙ අපිටම තමයි සාමන්‍යෙන් වීල් එකක ගියොත් රු 1800වගේ ගානක් ගන්නව ගිහින් අපි ආපහු එනකන් එයාල ඉන්නව පැය 4ක් වගෙ තමයි ඒ ගානට ඉන්නෙ අපි ඇවිදලා එනකම්  හෝර්ටන් තැන්නෙ ප්‍රදාන ස්තාන කීපයක් නරඹන්න පුලුවන් 
1.පුංචි ලෝකාන්තය 

2ලෝකාන්තය



                3.බේකර්ස් ඇල්ල
 මේ ස්ථාන 3 තමයි ගොඩක් සංචාරකයො නරඹන්න හෝර්ටන් තැන්නට එන්නෙ මේ ස්තාන 3 නරබන්න  8 km විතර දුරක් පයින් ගමන් කරන්න ඕනි  හෝර්ටන් තැන්නට ඇතුල් වෙලා මේ  ස්තාන 3 නරබන්න පාරවල් 2කින් යන්න පුළුවන් හෝර්ටන් තැන්නට ඇතුල් වෙලා ටික දුරක් යනකොට y හන්දියක් හමුවෙනව එතනින් වමට ගියොත් මුලින්ම හම්බෙන්නෙ පුංචි ලෝකන්තය දකුනු පාරෙන් ගියොත් මුලින් හම්බෙන්නෙ බේකර්ස් 
 ඇල්ල
කොයි පාරෙන් ගියත් ඔය ස්තාන 3ම නරඹන්න පුලුවන් ඇත්තටම  ඒ ගමන ටිකක් වෙහසකාරි උනත් පරිසරයේ තීන සෞන්දර්ය විදිමින් යන ගමන හරි සුන්දරයි.
ලෝකාන්තය පුන්චි ලෝකාන්තය කියන ස්තාන දෙකම ඉතාමත අලංකාර චිත්‍රයක් මවන ස්තාන දෙකක් පැහැදිලි කාලගුණයක් තීන දවසක නම් මුහුද උනත් දැකගන්න පුලුවන් කියල සදහන් වෙනව 
ඒ වගේම තමයි එතන හරිම අවදානම් තැනක් බොහෝ දෙස් විදෙස් සංචාරකයන් ලෝකන්තයෙන් ඇදවැටි මරනයට පත්වෙලා තීනව
 ලෝකන්තය  නරබලා එතනින් ආයෙ km 2 විතර දුරින් තමයි බේකර්ස් ඇල්ල පිහිටලා තීන්නෙ මේ ඇල්ල සොයාගෙන තීන්නෙ ඉංග්‍රීසි ජාතික සැමුවෙල් බේකර්ස් ඒ නිසා මේ ඇල්ල බ්‍රේකර්ස් ඇල්ල කියල හදුන්වනව 
 වියලි කාලගුනයක් තීන කාලයක වුවත් ඉතාමත් හොදින් දර්ශනය වෙන දිය ඇල්ලක් ලෙස බේකර් ඇල්ල ප්‍රසිද්ධියි ඇල්ල ආසන්නයේම ඉදන්   නරඹන්න පුලුවන් වීම මෙහි  තීන තවත් විශේශත්වයක් 
හෝර්ටන් තැන්න මේ කාල වකවානුව තුල බොහෝ සෙයින් පාරිසරික අරබුද රැසකට මුහන  දී තිබීම කණගාටුවට කරුනක් මෙවන් වටිනා පාරිසරික ස්තාන රැකගැනීමට නිසි වැඩ පිලිවෙලක් ගොඩනැගීමේ අවශ්‍යතාවය අනිවාර්‍ය සාදකයක් වී හමාරය...
     

Comments

Post a Comment